රොබෝවරු ක්‍රීඩා පිටියට බසී - චීනයේ හියුමනොයිඩ් ක්‍රීඩා උළෙලේ අලුත්ම පෙරළිය
චීනයේ ලෝක හියුමනොයිඩ් ක්‍රීඩා උළෙලේදී රොබෝවරුන්ගෙන් බොක්සිං, පාපන්දු සහ කෙටි දුර ධාවන තරග ලෝක හියුමනොයිඩ් ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියර මේ වනවිට චීනයේදී පැවැත්වෙමින් තිබේ.
සෙනසුරාදා ආරම්භ වූ මෙම තරගාවලිය දින පහක් පුරා පැවැත්වීමට නියමිත අතර, මේ වනවිටත් එහිදී මිනිස් ක්‍රීඩකයන්ගේ දක්ෂතා අභිබවා යන රොබෝ තාක්ෂණික හැකියාවන් කිහිපයක් දැකගත හැකි වී තිබේ.
තරගාවලියේ කෙටි දුර ධාවන ඉසව්වකදී එක් රොබෝවක් මීටර් 100 ධාවනයේදී ලෝක වාර්තාවක් තැබූ උසේන් බෝල්ට්ගේ වේගයටද වඩා වේගවත් දක්ෂතාවක් දැක්වීම විශේෂ අවධානයට ලක්විය.
මේ අතර බීජිං නුවර පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගයකදී රොබෝවක් ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජනප්‍රිය ‘Siuuu’ ජයග්‍රාහී සැමරුම් ඉරියව්වද අනුකරණය කර තිබේ.
ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී රොබෝවරුන් කණ්ඩායම් වශයෙන් සමාන පියවර තබමින් පෙළපාලි යාමද දැකගත හැකි විය. රොබෝ ක්‍රීඩකයන් බොක්සිං, උස පැනීම, තායි චී සහ මේස පන්දු වැනි විවිධ ක්‍රීඩා ඉසව් සඳහාද තරග වදිමින් සිටිති.
මිනිස් ක්‍රීඩකයන් වෙනුවට රොබෝවරුන් ක්‍රීඩා පිටියට පැමිණීමත් සමඟ ක්‍රීඩාව සහ කෘත්‍රිම බුද්ධිය අතර සම්බන්ධතාවය පිළිබඳවද මෙම තරගාවලිය ලොව පුරා අවධානයට ලක්ව තිබේ. චීනයේ බීජිං නුවර සිට BBC වාර්තාකරු ස්ටීවන් මැක්ඩොනල් මෙම නවීන රොබෝ තාක්ෂණය සහ ලෝක හියුමනොයිඩ් ක්‍රීඩා උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා කරයි.