කොළඹදී එකම වේදිකාවකට ගොඩවුණු හිටපු ජනපතිවරු [PHOTOS]

Report

කොළඹදී ඊයේ (25) පැවති මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු එක්ව සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතාගේ ආරාධනයෙන් පැවති මෙම උත්සවයට හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද සහභාගී වූ බව වාර්තා වේ.

උත්සවයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා වූ බවත්, එය දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් වූ බවත් චීන තානාපති කාර්යාලය පවසයි.


Gallery