චීනය මාධ්‍යවේදීන් සමඟ මොකක් කරන්නද හදන්නේ? - රටවල් 90කට වැඩි සංඛ්‍යාවක මාධ්‍යවේදීන් බීජිංහිදී එකතු වෙයි

Report

රටවල් 90කට වැඩි සංඛ්‍යාවක මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (CIPCC) විසින් සංවිධානය කරන මාධ්‍ය වැඩසටහන ඊයේ (04) බීජිං නුවරදී ආරම්භ කර තිබේ.

චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය සහ චීන මහජන රාජ්‍ය තාන්ත්‍රික සංගමය (CPDA) එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන බීජිංහි Renmin විශ්වවිද්‍යාලයේදී ආරම්භ වී ඇත.

මෙවර වැඩසටහන සඳහා ලොව පුරා රටවල් 90කට වැඩි සංඛ්‍යාවකින් ජනමාධ්‍යවේදීන් 100කට ආසන්න පිරිසක් සහභාගී වෙති. ඒ අතර ආසියා ශාන්තිකර කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, පිලිපීනය, සිංගප්පූරුව, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය සහ ඉරානය ඇතුළු රටවලින් මාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් එක්ව සිටිති.

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මාස තුනකට ආසන්න වැඩසටහනක් මාස තුනකට ආසන්න කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන අතරතුර විදේශීය මාධ්‍යවේදීන්ට චීනයේ විවිධ පළාත්වල සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ.

එම සංචාරවලදී වැඩමුළු, විශේෂ සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා සහ චීන සංස්කෘතික වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව සැලසේ.

දකුණු ගෝලීය මාධ්‍ය සහයෝගිතාවට වේදිකාවක් දකුණු ගෝලීය රටවල මාධ්‍ය ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වේදිකාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.

එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ට චීනය පිළිබඳ වඩාත් පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමද වැඩසටහනේ තවත් අරමුණකි. 2014 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා මේ වනවිට ලොව පුරා රටවල් 140කට වැඩි සංඛ්‍යාවකින් මාධ්‍යවේදීන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - රු බිලියන 27 ක ලාභයක් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට මේ ඉන්ධන මිල පහළට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - රු බිලියන 27 ක ලාභයක් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට මේ ඉන්ධන මිල පහළට