තෙල් නිධියක් මුහුදෙන් හමුවෙයි - ටොන් මිලියන 100ක තෙල්
අද (24) දින චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) ප්‍රකාශ කර ඇත්තේ ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදු කලාපය ආශ්‍රිතව සොයා ගෙන ඇති බවයි.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට 2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai ආශ්‍රිත තෙල් නිධියෙන් සොයා ගත් ටොන් මිලියන 100 ඉක්මවන තෙල් සංචිතයකින් යුත් හත්වන තෙල් නිධිය මෙය වන බවයි.
චීන බලධාරීන් පෙන්වා දෙන ආකාරයට චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් බවයි.
Qinhuangdao 27-3 තෙල් නිධිය, මෑත වසරවලදී මෙම මුහුදු ප්‍රදේශයෙන් සොයා ගත් ටොන් මිලියන 100 ඉක්මවූ තෙල් සංචිත සහිත තවත් තෙල් නිධියක් වන අතර Qinhuangdao 29-6 තෙල් නිධිය Bohai මුහුදේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම තෙල් නිධියෙන් දිනකට බොරතෙල් ටොන් 370ක් පමණ නිපදවීමට හැකි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.