අමෙරිකාව අභිබවා චීනය ඉදිරියට...

Report

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහන අනූව අමෙරිකාව අභිබවා යෑමට චීනය සමත්වී ඇති අතර මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටී.

ඒ අනුව, අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණි.

මේ අතර, 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූවා ය.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

මෙය පැරිස් ඔලිම්පික් උලෙළේදී ඇය දිනාගත් තුන්වැනි පදක්කමයි.

31 හැවිරිදි සිෆාන් නව ඔලිම්පික් වාර්තාවක් තබමින්, මැරතන් තරගය නිමාකළේ පැය 2යි මිනිත්තු 22යි ත්ත්පර 55ක කාලයකිනි.

ඉන්දීය අත්අඩංගුවේ සිට පළා ආ ලාංකිකයෙක් අත්අඩංගුවට...

ඉන්දීය අත්අඩංගුවේ සිට පළා ආ ලාංකිකයෙක් අත්අඩංගුවට...

එහි දෙවැනි ස්ථානය ඉතියෝපියාවේ ටිග්ස්ට් අසීෆා දිනාගත්තා ය.

එමෙන් ම, තුන්වැනි ස්ථානය කෙන්යාවේ හෙලන් ඔබීරි හිමිකර ගත්තා ය.

සිෆාන් මෙවර ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 10,000 සහ 5,000 ඉසව් වලින්ද තඹ පදක්කම් දිනා ගත්තා ය.