ඉන්දීය අත්අඩංගුවේ සිට පළා ආ ලාංකිකයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 11, 2024 02:00 PM GMT
Report

ඉන්දියාවේ අත්අඩංගුවට පත් ව සිට පළාආ ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධීව ඉන්දීය ධීවර යාත්‍රාවකින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි එම පුද්ගලයා රහසිගතව ගොඩබැසීමට උත්සාහ කළ අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවේ රූ කිරුළ බිහිරි තරුණියකට...

දකුණු අප්‍රිකාවේ රූ කිරුළ බිහිරි තරුණියකට...

2021 වසරේදී ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ අයෙකු වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් වුවෙක් බව වාර්තා විය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ඇත.