ගාසා තීරයේ යුධ ගැටුම් මැද ළමුන් දහස් ගණනක් අතුරුදහන්...
By Parami Dissanayake
ගාසා තීරයේ පවතින යුධ ගැටුම් මධ්‍යයේ ම ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන සේව් ද චිල්ඩ්‍රන් ප්‍රකාශ කර තිබෙනවා .
ඔවුන් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ, අතුරුදහන් වූ දහස් ගණන් පලස්තීන දරුවන් සුන්බුන් යට සිරවී හෝ ඊශ්‍රායල හමුදා විසින් රඳවා තබා ගෙන ඇති බවයි.
ඊශ්‍රායලය විසින් ඔක්තෝම්බර් 07 වනදා සිට ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් ළමුන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
තව ද, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මෙම වසර මුල දී වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, දරුවන් දැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය.