අවුරුදු තුන හමාරක දරුවෙකු වතුර වලකට වැටී ජිවිතක්ෂයට

By Hashan May 17, 2025 08:14 AM GMT
Report

නෑගම අලිවංගුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුන හමාරක දරුවෙකු වතුර වලකට වැටීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.     

ඊයේ සවස් කාලයේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක එම දරුවා පදිංචි නිවසට මීටර් දෙසියයක් පමණ දුරින් පිහිටි ඉඩමක කසල බැහැර කිරීම සදහා කපා තිබූ ජලය පිරුණු වලකට ඇද වැටී ඇති බවයි පොලිසිය පවසා සිටියේ.   

දරුවා නිවසේ නොමැති බවට අනාවරණය කර ගත් දෙමව්පියන් රාත්‍රිය වන තෙක්ම ගම්වාසීන්ගේ සහය ඇතිව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම ජලය පිරී තිබුණ වලේ ගිලි සිටිය දී දරුවා සොයා ගෙන තිබෙනවා.

සියල්ල සිදුවී හමාරයි.... දැන් ඔත්තු දෙන්නැයි පොලිසිය ඉල්ලයි...

සියල්ල සිදුවී හමාරයි.... දැන් ඔත්තු දෙන්නැයි පොලිසිය ඉල්ලයි...

අදාළ දරුවා නෑගම්පහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර රෝහල් ගත කරන අවස්ථාව වන විටත් දරුවා මිය ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

මිය ගිය දරුවාගේ සිරුර මේ වනවිට නෑගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එම දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් අද (17) එය පැවැත්වීමට නියමිතයි.