ජීවිතයට ආසාවක් තියෙනවා නම් කුකුල් මස් - බිත්තර මෙහෙම කන්න.- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්.

Bird Flu Ministry of Health Sri Lanka Healthy Food Recipes Egg
By Wayomi Jun 26, 2024 01:51 PM GMT
Wayomi

Wayomi

Report

කුකුළු මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිස ගැනීමට කටයුතු කරන ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

ශ්‍රී ලංකාව තුළ කුරුළු උණ රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ. - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ශ්‍රී ලංකාව තුළ කුරුළු උණ රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ. - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඉන්දියාවේ මෑතකාලීනව ව්‍යාප්ත වු කුරුළු උණ (H9) පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම දැනුවත් කිරීම සිදුකර ඇත.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


ඒ, අනුව මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද හඳුනාගැනීමට සහ H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයද හඳුනා ගැනීමට අවශ්‍ය පී සී ආර් පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇති අතර පක්ෂීන් අතරින් පැතිරෙන රෝගී තත්ත්වයක් වන කුරුළු උණ ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ට වැළදිය හැකි නිසා ඒ පිළිබඳ සැලකිලිමත්වන ලෙසත් කුරුල්ලන් සහ උන්ගේ මළ අපද්‍රව්‍ය සමඟ ගැටීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

ටියුෂන් පන්ති නියාමනය කෙරේ.? - කෝටි විසිදාහේ ටියුෂන් ආදායම නැත්තටම නැති වෙයිද?

ටියුෂන් පන්ති නියාමනය කෙරේ.? - කෝටි විසිදාහේ ටියුෂන් ආදායම නැත්තටම නැති වෙයිද?


පක්ෂින් හෝ ඔවුන්ගේ අසූචි ස්පර්ශ නොකරන ලෙසත් , කුකුළු ගොවිපළවල් නැරඹීමෙන් වළකින ලෙසත් ජනතාව දැනුවත්වන ලෙසයි අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර තමන් සිටිනා ප්‍රදේශවලින් රෝගී හෝ මිය ගිය පක්ෂීන් හමු වුවහොත්, වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා කරන ලෙසද සෞඛය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

වයර් මාරු කළාට පස්සේ ඔබේ විද්‍යුත් උපකරණයත් විනාශ වුණාද? - රට පුරා සිදු වෙන මේ දේ ගැන අවධානයෙන් ඉන්න.

වයර් මාරු කළාට පස්සේ ඔබේ විද්‍යුත් උපකරණයත් විනාශ වුණාද? - රට පුරා සිදු වෙන මේ දේ ගැන අවධානයෙන් ඉන්න.