කොළඹටයි ගම්පහටයි ජල සැපයුම නවතින්න හේතුව හෙළිවෙයි
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට හේතුව හෙළිවෙයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට හේතුව පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට රසායනික ද්‍රව්‍යයක් මුදාහැරීමක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, ජලයට කිසියම් අපද්‍රව්‍යයක් මුසුවී ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස හදිසියේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව පුළුල් විමර්ශනයක් මේ වනවිට සිදුකරමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
ඉදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන දැනුවත් කර ඇති බවද චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.