වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා රජයේ වැඩපිළිවෙල මහවිලච්චියෙන් අරඹයි..

By Piyumika Dec 27, 2024 08:54 AM GMT
Report

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන.චෝදනා බරපතලයි..

හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන.චෝදනා බරපතලයි..

එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර, ඒවා ඉදි කිරීම සිදු වන්නේ ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මතයි.

එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා ගෙන වන අලි ගම් වැදීම පාලනය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.

ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැලවී ගිය රෝදය නිසා අහිමි වූ ජීවිතය..

ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැලවී ගිය රෝදය නිසා අහිමි වූ ජීවිතය..

මෙම වැඩසටහන සාර්ථක වන්නේ නම් ඉදිරි වර්ෂය තුළ අනෙකුත් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

You may like this video