උපරිම කාලය මිනිත්තු 03 යි..දිගු කාලයක් සිප වැළද ගැනීමට අවශ්‍ය නම් රථ ගාල යොදාගන්න..
By Piyumika
නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගින්ට පිටව යාමට පෙර සිය සමීපතමයින් සිප වැළද ගැනීම සඳහා ලබා දෙන කාලය මිනිත්තු 03කට සීමා කර තිබෙනවා.
ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය පවසන්නේ සිය මගීන් කඩිනමින් ගමන් කිරිමෙන් වැඩි පිරිසකට වැළඳ ගනිමින් සමුදීම සිදුකළ හැකිබවයි.
දිගු කාලයක් වැයකරමින් සිය සමීපතයින්ට සමුදීමට අවශ්‍ය නම් ඒ සඳහා ගුවන්තොටුපල රථ ගාල යොදාගන්නා ලෙස යි උපදෙස් ලබාදී ඇත්තේ.