චරිත් අසලංකට ලැබුණු අලුත්ම තැන..
By Sewvandhi
ICC 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු වන චරිත් අසලංක සමත්ව තිබෙනවා.
එනම් ඔහු මීට පෙර පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල තිස් පස් වන ස්ථානයේ සිට 23 ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.
චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි. 25 හැවිරිදි චරිත් අසලංක 20-20 තරග 36 කදී අර්ධ ශතක 4ක් සමගින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 820කි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |