අද ඉදන් පටන් ගන්න පොලිතීන් බෑග් නීතිය
අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බව සදහන් වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කරයි.
ඒ අනුව අදසිට වෙළෙඳසැල් විසින් අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු වේ.
පරිසර විනාශය අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ.
ඒවගේම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා සදහන් කළේ මින් ඉදිරිය වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලේ නිකුත් නොකරන බවයි.
මේ පිළිබද තව දුරටත් අදහස් දැක්වූ හේවාවසම් මහතා
"පාරිභෝගිකයා වෙත වෙළෙඳසැල්වලින් නිකුත්කරන අතලු සහිත සිලි සිලි බෑග් සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කළා. එහි සඳහන් පරිදි සිලි සිලි බෑග් නොමිලයේ නිකුත්කිරීම නොවැම්බර් පළවනදා සිට තහනම්. ඒ අනුව වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇත." "පාරිභෝගිකයාට යුතුකමක් තියෙනවා පරිසරය සුරැකීමට දායකවීමට. වෙළෙඳසැලකට භාණ්ඩයක් මිලදීගැනීමට යාමේ දී ඒ සඳහා සුදුසු බෑග් එකක් ගෙදරින් රැගෙන යන්න"
යැයි පැවසීය.
[