ශ්‍රී ලංකා ක්‍රිකටි වලට නායකයින් 03යි..අලුත් තුන්දෙනා මෙන්න..දසුන් ඉවතට විසිවෙයි.
උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ T20 කණ්ඩායම්වල නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කිරීමට නියමිත අතර උපනායක ධූරය කුසල් මෙන්ඩිස්ට හිමි වන බවටයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
එමෙන්ම එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරනු ඇති.
මේ අතර විස්සයි20 කණ්ඩායම් නායකත්වයට වනිඳු හසරංග පත්කිරීමට නියමිත අතර උපනායකයා ලෙස චරිත් අසලංක නම් කර ඇති බවද සඳහන්.
මේ අනුව එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් අවසන් තීරණ ලබන සඳුදා පැවැත්වෙන මීළඟ තේරීම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.