පසුගිය මාසයන්ට වඩා වෙනස් වුණු වාහන මිල.

By Hashini Nov 07, 2023 09:58 AM GMT
Report

 පසුගිය මාසයන්ට සාපේක්ෂව මෙරට තුළ භාවිත කරන ලද මෝටර් රථවල මිල ගණන් යලි ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වයට හේතුව වාහන ආනයනයට මෙතෙක් අවසර නොලැබීම බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් තවදුරටත් මිල ඉහළ යා හැකි බවයි.

ඒ අනුව නොවැම්බර් මස ඉහළ ගිය වාහන මිල ගණන් පහතින්,

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 76

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 49 

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 74

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 92

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 42

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 29යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 42

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23