දරුවන් ලක්ෂ විස්සක් මන්දපෝෂණයෙන් සිටියදී, හිටපු පාලකයා මාසෙකට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා..

Anura Kumara Dissanayaka Sri Lankan political crisis Financial crisis Latest Headlines AKD
By Sewvandhi Oct 07, 2024 09:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රි ලංකා කම්කරු ජාතික පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසුවේ, රටේ මුල්බැහැගෙන තිබු ජාවාරම්කාර පැලැන්තිය අතුගා දැමිමට සැප්තැම්බර් මස (21) දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා සමත් වු බවයි.

හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ....

"..අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයත් සමග ජාවාරම්කාර පැලැන්තය ගසාගෙන ගියා, රට බේර ගත්ත මහ ආප්පච්චි, ගෑස් දුන්න සුදු අප්පච්චි, බස් දුන්න පිංපියා පුවක් මල්ල පොලොව ගැහුවා වගේ අයින් කරලා දැමිමා රටේ ජනතාව.

තවදුරටත් දේශපාලන වහලුන් නැ ඒ සංස්කෘතිය අවසන් කලා, වතුකරයේ ජනතාව තුලත් ඒ පිබිදිම ඇති වෙලා තියෙනවා, වතුකරයේ ජනතාව පාගගෙන ඉන්න ප්‍රභකාර පාලකයන් පලවා හැරිමට වතුකරයේ ජනතාව සුදානම් වෙලා ඉන්නවා.

හිටපු පාලකයන් ජනතාවගේ ධනය භාවිතා කරපු ආකාරය පිලිබදව දැන් හෙලිදරව් වෙමින් පවතිනවා, මාසේට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා? රටේ ලක්ෂ 20 ක දරුවන් පිරිසක් මන්දපොෂණයෙන් පෙළෙනවා යනුවෙන් පැවසිය. මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ ලේකම් ඩැනියෙල් ජැනැස්ටර් මහතාද සහභාගි විය.."