චාමික හදිසි සැත්කමකට භාජනය කෙරේ..

By Sewvandhi Dec 07, 2022 05:29 PM GMT
Report

තරගය අතරතුරදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

එසේම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවය. අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගය අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී චාමික අනතුරට ලක්විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now