චමරි අතපත්තු තරගාවලියක් අතරතුර හදිසි තීරණයක් ගෙන ඉවත් වීමට තීරණය කරයි..

Cricket Sri Lanka Cricket Sri Lanka Chamari Athapaththu
By Aruna Feb 19, 2025 04:13 AM GMT
Aruna

Aruna

Report

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමට සූදානමින් සිටියි.

බීච් යන්නෙ බලාගෙනයි..සැමිය බලාගෙන ඉද්දි බිරිඳට සිදුවූ බිහිසුණු සිදුවීමක්..මේ වගේ දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්.(PHOTOS)

බීච් යන්නෙ බලාගෙනයි..සැමිය බලාගෙන ඉද්දි බිරිඳට සිදුවූ බිහිසුණු සිදුවීමක්..මේ වගේ දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්.(PHOTOS)


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් වෙනුවෙන් එක්වෙයි.

ඒ අනුව මේවනවිට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිතව ඇත.

චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායම වන අතර ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන අතර පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇත.

රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙස චමුදිත සමඟ විශේෂ හෙළිදරව් කළ දකුණම හෙල්ලූ "කජ්ජා" වෙඩි ප්‍රහාරයකින් මරුට..දරු දෙදෙනාත් වෙඩි වැදී මිය යයි(VIDEO/PHOTOS)

රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙස චමුදිත සමඟ විශේෂ හෙළිදරව් කළ දකුණම හෙල්ලූ "කජ්ජා" වෙඩි ප්‍රහාරයකින් මරුට..දරු දෙදෙනාත් වෙඩි වැදී මිය යයි(VIDEO/PHOTOS)


ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14,16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙනු ඇති.

You May Like This Video


ReeCha