චමරිගෙන් තවත් පිම්මක් - ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට
අද නිකුත් කළ අයි.සී. සී. කාන්තා ක්‍රිකට් 20 යි 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇය මෙතෙක් පසුවුණේ පස්වන ස්ථානයේයි.
ඉකුත්දා නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේදී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් චමරි අතපත්තු මෙසේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර එහි පළමු ස්ථානය නවසීලන්ත ක්‍රීඩිකා අමීලියා කර් ට හිමිව තිබෙනවා.