හිටපු රාජ්‍ය ඇමති චාමර සම්පත්ට ඇප (UPDATE)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.

අද (27) දිනයේදී ඔහුගේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

චාමර සම්පත්ට ඇප (UPDATE)

චාමර සම්පත්ට ඇප (UPDATE)

පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසු, ඉදිරිපත් වූ තොරතුරු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට තීරණය කළාය.

මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට විදේශ ගමන් තහනමක් පනවා, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළාය.

බදු ගෙවන්න ආස හිතෙන මැෂිමක් ගේනවා.. බදු එකතු වුනාම සහන ගොඩක් දෙන්න පුළුවන්ලු!

බදු ගෙවන්න ආස හිතෙන මැෂිමක් ගේනවා.. බදු එකතු වුනාම සහන ගොඩක් දෙන්න පුළුවන්ලු!

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු සැකකරු ඇප මත නිදහස් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරන ලදී.