ඉප්ප නල්ලමා? - චාමරට ඇප

Report

2016 වසරේදී ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කරමින්, එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් ආධාර ඉල්ලා සිටි චාමර සම්පත් දසනායක, එම ඉල්ලීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් ඉකුත්වීමට පෙර ඉවත් කිරීමෙන් රුපියල් ලක්ෂ 173කට වැඩි පාඩුවක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ලංකාවටත් තදින්ම දැනුණු ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්!

ලංකාවටත් තදින්ම දැනුණු ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්!

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම සහ විත්තිකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ තොරතුරු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හරින ලෙස තීන්දු කළාය.

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට නියෝග කෙරිණි.