චාමර සම්පත් යළි රිමාන්ඩ්

Court of Appeal of Sri Lanka Political Development MP Chamara Sampath Dassanayake Sinhala news
By Dilasha Apr 01, 2025 07:58 AM GMT
Dilasha

Dilasha

Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා ඇති බවත් එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බවත් වාර්තා වේ.

තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ.

මෙමඟින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර ඇති අතර අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. 


හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි


ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අර්බුධයක

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අර්බුධයක

ReeCha