වහාම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව පිරිසක් ඉල්ලා අස් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.


ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එයට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..


කෙසේ වෙතත්, 2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණේ ය.