ජාතික රූපවාහිනියේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

By Piyumika Dec 25, 2024 04:07 AM GMT
Report

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා මෙම තනතුරට පත්ව ගතවී තිබුණේ මාස තුනක් පමණි. එහෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ආකාරයක් ද දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

කෙසේවෙතත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පවසන්නේ තමන් එම තනතුර භාරගත්තේ කෙටි කාලයක් සඳහා පමණක් බවයි.

එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව නව වසරේදී තවත් ජාතික මට්ටමේ තනතුරකට තමන් පත්වන බවයි සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.

සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.

අද වහල තියන්න ඕනේ හරිද..නැත්තන් ඉතින් ඉවරයි හොඳේ -සුරාබදු දෙපාර්තමේන්තුව

අද වහල තියන්න ඕනේ හරිද..නැත්තන් ඉතින් ඉවරයි හොඳේ -සුරාබදු දෙපාර්තමේන්තුව

ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

You may like this video