පාර්සලයකට ලක්ෂ තුනක අල්ලසක් ගත්ත මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.
මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය
මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලද අතර, සිද්ධියට අදාළ වීඩියෝ පටයක්ද එහිදී අධිකරණයේ නිරීක්ෂණයට ලක් කෙරුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරියාව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණයෙන් පියවර ගැනුණි.