සංවර්ධනයේ තීරණාත්මක පියවරක් - මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා සංවර්ධන කටයුතු හෙට ඇරඹේ

Report

මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ සංවර්ධන කටයුතු හෙට(29) ආරම්භ වේ.

ඒ් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

කිලෝ මීටර් 18 .7ක දුර ප්‍රමාණයක් එලෙස සංවර්ධනය කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාර්යේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි සදහන් කරයි.

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

එහි පළමු අදියරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර එය ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරිමට නියමිතව ඇත පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 78ක මුදලක් ද දෙවන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 112.4ක මුදලක්ද වැය කරනු ලබයි .

එම සියලු මුදල් දේශිය කොන්ත්‍රාත් සමාගම් මගින් දේශිය අරමුදල් යොදා ගනිමින් සිදු කරනු ඇත .  

ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි - හේතුව මෙන්න

ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි - හේතුව මෙන්න