මෙරට ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අද . - එය සිදු වන්නේ මෙහෙමයි.
අද (13) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබෙනවා.
මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ දිනක් තුළ පැවැත්වෙන විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය බවයි වාර්තා වන්නේ.
පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වේ.
එහිදී,
?2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්,
?2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක් සහ
?2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක්
?ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.