බද්ද නිසා බැංකු ගිණුම් හිමියන් හදිසියේම කරන්න යන දේ..සියලු බැංකු වලට රතු එළියක්.
බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.
බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළ පසුබිමක 10%දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙවන විට පුලුල් කතාබහකට ලක්ව තිබේ.
මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බවයි, මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසන්නේ.
මෙලෙස බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවයි.
මෙලෙස අඩු ආදායම් ලාභීන්ගේ ගිණුම්වලින් පවා රඳවා ගැනීමේ බද්ද අය කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ද අනාවරණය වනවා.
You May Like This Video