මෙරට නිල විදේශ සංචිත වත්කම් පහලට.- එම සංචිත ගැන එළියට ආ මහා බැංකු වාර්තාව මෙන්න.

Central Bank of Sri Lanka Sri Lanka Banks
By Wayomi Aug 08, 2024 07:54 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජූලි මාසයේ දී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.


නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජූලි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් විය.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


ඒ, අනුව මෙය 2024 ජූනි මාසයේ දී වාර්තා වී ඇති ඩොලර් මිලිය 5,605 ට වඩා 0.6% ක අඩු වීමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීමව විශේෂත්වයකි.

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)


මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.

හිටපු පොලිස්පති සහ ඔහුගේ පුතු ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ.

හිටපු පොලිස්පති සහ ඔහුගේ පුතු ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ.