හදිසියේම ගත්ත තීරණයක් රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණය කරලා..

Government Employee Pakistan World Social Media
By Piyumika Sep 05, 2024 06:48 AM GMT
Piyumika

Piyumika

Report

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලු ම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය අනතුරේ..එන්න එන්නම වැඩි වෙන ඉන්දීය ධිවර තර්ජන..

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය අනතුරේ..එන්න එන්නම වැඩි වෙන ඉන්දීය ධිවර තර්ජන..

ඒ අනුව එරට රජයේ ආයතන විසින් නිකුත් කරන ලද කාර්යාල සංදේශයකට අනුව, 1964 රාජ්‍ය සේවක (චර්යා) රෙගුලාසි යටතේ උපදෙස් පිළිපදින ලෙසයි රාජ්‍ය සේවකයින්ට දන්වා ඇත.

එම නියෝගයට අනුව, රජයේ සේවකයින්ට අවසරයකින් තොරව කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පෞද්ගලික අංශයේ වැඩකරන ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

පෞද්ගලික අංශයේ වැඩකරන ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

ඒ අනුව “රජයේ කීර්තිනාමයට බලපාන අදහස් හෝ කරුණු ප්‍රකාශ කිරීමට රජයේ සේවකයන්ට නොහැකිය” යනුවෙන් එම සංදේශයේ සඳහන් කර ඇති අතර, රජයේ ප්‍රතිපත්ති, තීරණ, ජාතික ස්වෛරීභාවය සහ අභිමානයට එරෙහිව කතා කිරීමට සේවකයන්ට අවසර නොමැති බවද සඳහන් බවයි එම වාර්තාවල පැවසේ.

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

එමෙන් ම පාකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වේදිකාවල තම අදහස් හෝ දේශපාලන මත ප්‍රචාරය කළ නොහැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.