ලංවීම ප්‍රතිව්‍යුහගත කරාට වැඩක් නෑ.. විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළට පාරිභෝගිකයන් අමාරුවේ දාන බවට චෝදනාවක්

Report

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ක්ෂණික ප්‍රතිලාභ කිහිපයක් අත්කරගෙන තිබුණද, එහි ප්‍රධාන අරමුණු වන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මූල්‍ය විනය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම වැනි ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් කල් ගතවනු ඇති බවයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ මෙම දැවැන්ත වෙනස්කම් සිදු කරන ලද්දේ ඉකුත් මාර්තු මාසයේදී බැවින්, මෙතරම් කෙටි කාලයක් තුළ විශාල ප්‍රතිඵල අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එසේම ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික වාසියක් ලෙස විදුලිබල ක්ෂේත්‍රයේ එක් එක් අංශයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය වෙන වෙනම හඳුනා ගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවද ඔහු පැවසුවා.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

එබැවින් ලාභ ලබන සහ පාඩු ලබන අංශ මොනවාදැයි පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වුවද, සමස්ත ක්‍රියාවලියේ මූල්‍ය විනය සහ විනිවිදභාවය තවමත් බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වී නොමැති බව සඳහන්.

කෙසේ වුවද මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා පාරිභෝගිකයාට මෙතෙක් කිසිදු ප්‍රත්‍යක්ෂ සහනයක් ලැබී නොමැති බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරයි.

ඒ අනුව එහි මහ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණවලින් ආයතනයේ නම සහ ව්‍යුහය වෙනස් කළද ක්‍රියාකාරීත්වයේ කිසිදු දියුණුවක් සිදුව නොමැති බවයි.

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

එමෙන්ම කාර්යක්ෂමතාව වර්ධනය වූවා නම් විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ යා නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කරමින්, 2026 මාර්තු 9 වැනි දින සිට විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ නිල ලෙස බලාත්මක කරනු ලැබුවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසුරුවා හැර, ඒ වෙනුවට නව සමාගම් 6ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්