සීනි අර්බුදයක්? සීනි නිෂ්පාදනය 24%ක් පහළට
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව, 2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුළ මෙරට සීනි නිෂ්පාදනය මෙට්රික් ටොන් 58,992 දක්වා පහත වැටී ඇත.
2024 වර්ෂයේ එම කාල සීමාව තුළ සීනි නිෂ්පාදනය මෙට්රික් ටොන් 74,970ක් වූ බැවින්, 2025දී සීනි නිෂ්පාදනය මෙට්රික් ටොන් 17,978කින් (ආසන්න වශයෙන් 24%) අඩු වී ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ආනයනයේදී පසුගිය වසරට සාපේක්ෂව වැඩි වීමක් සිදුව ඇත. 2025 ජනවාරි – සැප්තැම්බර් කාලය තුළ සීනි මෙට්රික් ටොන් 558,359ක් ආනයනය කර ඇත. 2024 එම කාලය තුළ ආනයනය වූයේ මෙට්රික් ටොන් 470,166ක් පමණි.
එබැවින්, දේශීය නිෂ්පාදනයේ පහත වැටීම සැලකිය යුතු වුවද, ආනයනය මගින් සීනි සැපයුමේ ඌනතාවය පුරවා ඇති බව පෙනේ.