විදුලි බිල වැඩි කරන්න දඟලන්නේ මෙන්න මේකටද? අනුමැතියකින් තොරව බිලියන ගාණට දීමනා ගෙවලා

Report

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් 2024 වර්ෂය තුළ පමණක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශයන් හෝ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැතිව රුපියල් මිලියන 1,060.02ක (බිලියන 1.06කට ආසන්න) විවිධ දීමනා සේවකයින්ට ගෙවා ඇති බව විගණකාධිපතිවරයාගේ 2024 වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණනයෙන් හෙළිව ඇත්තේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවන දීමනා වෙනුවෙන් මෙම මුදල් ගෙවා ඇති බවයි.

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව වෘත්තීය දීමනාවට හිමිකම් ඇති නිලධාරීන්ට රදවා ගැනීමේ දීමනා ගෙවිය නොහැකි බව වුවද, 2024 වර්ෂය තුළ නිලධාරීන් 601 දෙනෙකුට රදවා ගැනීමේ දීමනා ලෙස රුපියල් මිලියන 1,913ක මුදලක් ගෙවා ඇත.

2013 සිට 2024 දක්වා කාලය තුළ සේවකයින් විසින් ලබාගත් දේපල ණය සඳහා අයකරගත යුතු පොලී මුදලින් තුනෙන් දෙකක (රුපියල් මිලියන 19,384.8ක) මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇත.

සීනි අර්බුදයක්? සීනි නිෂ්පාදනය 24%ක් පහළට

සීනි අර්බුදයක්? සීනි නිෂ්පාදනය 24%ක් පහළට

මෙම ගෙවීම් සියල්ලම අනුමැතියකින් තොරව සිදුකර ඇති බැවින් ඒවා නීතිවිරෝධී හෝ අක්‍රමික ලෙස විගණකාධිපතිවරයා විසින් වාර්තාගත කර තිබේ.විගණන වාර්තාවේ මෙම සොයාගැනීම් හේතුවෙන් ලංවිමේ මූල්‍ය කළමනාකරණය, දීමනා ගෙවීම් සහ ණය පොලී ගෙවීම් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් අවශ්‍ය බවට ජනතාව අතර දැඩි කතාබහක් ඇතිව ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ගැටලු සම්බන්ධයෙන් ලංවිමේ කළමනාකාරිත්වයට සහ අදාළ අධිකාරීන්ට නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න