ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළ ගිහින් මධ්‍යම පරිසර අධිකාරිය කියයි

Report

මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරන්නේ මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.

මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා නොඑසේ නම් තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වේ.

ඒවගේම අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන සදහන් කර ඇත.

තවද  අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමග උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇති බවයි.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හැකියාව මේ වනවිට ලංකාව සතුව පවතින බවත් යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල දර්ශක අගය 150 - 200 දක්වා ඉහළ ගොස් තිබූ බව එතුමා සදහන් කර තිබේ .

එතුමා   තව දුරටත් සදහන් කළේ මෙම තත්ත්වය ඉදිරියේ දී පහව යනු ඇති බවයි.

ඒ වගේම ශ්වසන ආබාධ ඇති අයට මෙම තත්ත්වයේ බලපෑම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔවුන් එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු බව අජිත් ගුණවර්ධන ගුණවර්ධන මහතා අවධාරණය කර තිබේ.

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට