කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDට - නවතම තත්ත්වය මෙන්න

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාර දී තිබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසක තිබී ඊයේ (08) උදෑසන ඔහුගේ සිරුර හමුවූ අතර, එය ගෙල වැළලාගැනීමක් බවට මූලිකව සැක කළ ද පවතින පසුබිම හේතුවෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයකට අනුව, මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද

අද (09) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ විය.

මෙම මරණය දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ, 2013 වසරේ සිදුවූ ප්‍රශ්නගත එයාර්බස් (Airbus) ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත චන්ද්‍රසේන මහතා අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දෙමින් සිටි බැවිනි.

ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට මැයි 05 වනදා ඇප මත මුදාහැරුණ ද, ඇප කොන්දේසි සපුරාලීම සඳහා ව්‍යාජ ඥාතීන් දෙදෙනෙකු ඉදිරිපත් කර අධිකරණය නොමඟ යැවූ බවට පසුව අනාවරණය විය.

ඒ අනුව, අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔහුව යළි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔහු මියගොස් සිටියේ එම වරෙන්තුවට අනුව අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ දිනයේම වීම විශේෂත්වයකි.

බිහිසුණු අපරාධයක් - මුහුදු වැල්ලේ කාන්තා මළ සිරුරක්

බිහිසුණු අපරාධයක් - මුහුදු වැල්ලේ කාන්තා මළ සිරුරක්

මෙම මරණය ස්වභාවික හේතුවක් හෝ සියදිවි නසාගැනීමක් ද, එසේත් නැතිනම් ඔහු සතු රහස් හෙළිවීම වැළැක්වීමට සිදුකළ සැලසුම් සහගත ක්‍රියාවක් ද යන්න පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට විවිධ පැති ඔස්සේ සාක්ෂි එකතු කරමින් සිටියි.