රටම කැළඹිලා ඉන්න ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කට අරී - ණය දුන්නත් ගත්තත් අවධානම් සහගත තත්ත්වයක් [VIDEO]
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම තුළින් වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව අද (26) දින පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වෙළඳපොළ පොලී අනුපාතය ඉහළ දැමීම වන බවයි.
මෙහි අපේක්ෂාව අනවශ්‍ය ආකාරයට ණය ලබා ගැනීමේ ප්‍රමාණය යම් ආකාරයකට අඩු කිරීම බවද ඔහු පවසා ඇත්තේ ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවන තෙක් සිදුව නොමැති බවත් ඊළඟ වාරික දෙක තුළ ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කරමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ,
''ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමෙන් වෙළඳපොළ පොලී අනුපාතයත් ඒ විදියට වැඩි වෙන්න ඕනනේ. ඒ වැඩි වීම තුළින් ණය ලබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ණය ලබා ගැනීම අඩු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකය වර්ධනය වෙනවා තාම. එතකොට ඊළඟ වාරික දෙකේදීත් ආර්ථිකය වර්ධනය වෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ආර්ථිකය සීයට හතරකින් වර්ධනය වුණා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය සෘණ වෙනවා කියන එක. 2022 සිද්ධ වුණේ ආර්ථික හැකිලීම. ඒ අවස්ථාවේ අපට සංචිත තිබ්බෙත් නෑ. රුපියල් තිබ්බෙත් නෑ රජයට. විනිමය අනුපාතය පාලනයක් නැතුව යනවා. ආයෝජන ආනයනය කරන බඩු මුකුත් නැතුව රට ලොකු අර්බුදයක තිබිච්ච වෙලාවකනේ. එතකොට ඒ වෙලාවේ ආර්ථිකය මුදල් ප්‍රතිපත්තිය සීයට හතකින් නෙවෙයි සීයට පහළව දාසය වෙනකම් වැඩි වුණානේ. ඒකෙන් ආර්ථිකය යම්කිසි ආකාරයක සංකෝචනය කිරීමෙන් තමයි ස්ථාවර තත්වය ලබා ගන්න පුළුවන් වුණේ. මේ අවස්ථාවේ එහෙම වෙන්නේ නැහැ. ආර්ථික දිගටම වර්ධනය වෙන ගමන් තමයි යම්කිසි ආකාරයට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේක යන්නේ... 2023 සහ 2024 විශේෂයෙන් මැදභාගේ ඉඳලා මේ වෙනකම්ම තාමත් සීයට පහක වර්ධනයක් වුණා.. ඒ කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයිනේ යන්නේ. අර නෙගටිව් කියන්නේ කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ පල්ලෙහාට යන එක. මේක උඩට යන්නේ. මේ වෙනකන් ගිහිල්ලත් තියෙන්නේ උඩට. මේක දිගටම යන්නෙත් ඒ විදිහට තමා''
ඊට අමතරව වාහන මිලදී ගැනීමට ණය ලබා ගැනීමේ දී අලුතින් එක් කළ බදු හේතුවෙන් වෙළෙඳපොලේ කෘතිමව වාහන මිල ගණන් ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.
එහිදී ණය වැඩිපුර ගැනීමට සිදු වීම ඔස්සේ ණය ලබා ගත් පුද්ගලයාට අනවශ්‍ය ණය බරක් දැරීමට සිදු වන බව ද ඔහු පෙන්වා දී ඇත.
අඳාළ තත්ත්වය ණය ලබා ගන්නා පුද්ගලයාට මෙන්ම ණය ලබා දෙන බැංකුවට ද අවධානම් සහගත තත්ත්වයක් විය හැකි බැවින් එකී අවධානම අවම කිරීමට 50%ක් දක්වා තිබූ අනුපාතය 40%ක් දක්වා පහළ දමා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,