ගැරඩිඇල්ල බස් අනතුරට හේතුව රියදුරු
පසුගිය දා පුද්ගලයන් විසි තුන්දෙනෙකුට මරු කැඳවමින් ගැරඬි ඇල්ල ප්‍රදේශයේ හිමිදිරියේ සිදුවූ මාරක අනතුර පිළිබදව හැමෝම කම්පා වුණා. ඒ වගේම මේ සඳහා නොයෙකුත් විමර්ශන කමිටු හේතුව සෙවීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තත් හේතුවක් සොයා ගැනීමට අපහසු වුණා.
නමුත් මාස කීපයක් ගතවන තැන බස් රථ අනතුරට හේතුව හෙළිවී තිබේ. ඒ ගැන කියන්න තමයි මේ සූදානම.. පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ - ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට හේතුව, රියදුරුගේ අධික තෙහෙට්ටුව, විඩාව සහ නින්දයාම යන කරුණු බවට අනාවරණ වී තිබෙනවා.
එම අනතුර සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුලත් වාර්තාව, එම කමිටුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට භාරදෙනු ලැබුවා.. ඉන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව කියා සිටියේ.
