මිය යාමට ආසන්න සතුන් මසට විකුණන ගොවිපලක් හසු වේ
By Gagana News
හැටන් වටවල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක විවිධ රෝග වැළදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩවල් වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ත්ව ගොවිපල ඉදිරිපිට විරෝධතාවයක් කර ඇති බව වාර්තා වේ.
එම සත්ත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් නව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාර වෙත රැගෙන යන බවත් ඉන් එක ලොරි රථයක් තමන් අල්ලා ගත් බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
ගවයන් ප්‍රවාහනය කිරීමට 12 වන දින ලබා ගත් බලපත්‍රයක දිනය සත්ත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.