වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ්

By Aruna Mar 14, 2025 04:04 PM GMT
Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එසේම එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමයි අධිකරණය නියෝග ලබා දුන්නේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කර ඇත්තේ, මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකු ලෙස සිටි පුද්ගලයෙකි.   

​දූෂකයා‌ගේ නිවසේ තිබී ජීව අත් බෝම්බයක්!

​දූෂකයා‌ගේ නිවසේ තිබී ජීව අත් බෝම්බයක්!

රැප් ගායකයා අත්අඩංගුවට ගත් හේතුව හෙළිවේ

රැප් ගායකයා අත්අඩංගුවට ගත් හේතුව හෙළිවේ