පාස්කු ප්‍රහාරයට වසර 7යි - යුක්තිය වෙනුවෙන් හැමෝම එක්වන්නැයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්

Report

2019 අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හතක් සම්පූර්ණ වීමට නියමිතව තිබෙන අතර, එම සිද්ධියට අදාලව යුක්තිය මෙතෙක් සම්පූර්ණයෙන් ඉටු වී නොමැති බවට චෝදනා පවතී.

යහපාලන සමයේ සිදු වූ මෙම ප්‍රහාරය පිළිබඳව පසුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ හෝ රනිල් වික්‍රමසිංහ පාලනය තුළ හෝ තීරණාත්මක ප්‍රගතියක් නොපෙනුණු බවට විවේචන එල්ල වී ඇත.

කෙසේවෙතත්, වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මෙම විමර්ශන යළි සක්‍රීය කර ඇති අතර, ඒ යටතේ එවකට රජයේ බුද්ධි ප්‍රධානියකු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පවතින බව වාර්තා වේ.

මෙවැනි පසුබිමක, යුක්තිය සඳහා තවමත් බලාසිටිමින් සිටින අවස්ථාවක, අද (17) දින කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමාගේ නායකත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙති

එහිදී, ලබන 19 වැනිදා “යාඥා දිනයක්” ලෙස නම් කර ඇති අතර, යුක්තිය උදෙසා සිදුකරන මෙම යාඥාවට සියලුම ජනතාව එක්වන ලෙසත්, නිවෙස්වල සිට වුවද යාඥා කිරීමේ වැදගත්කමත් උන්වහන්සේ අවධාරණය කළහ.

මෙම ප්‍රහාරයෙන් දෙස් විදෙස් පුද්ගලයින් 279 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම සියලු දෙනාම “විශ්වාසයේ නාමයෙන් මියගිය අය” ලෙස වතිකානු රාජ්‍යය විසින් පිළිගෙන ඇත.

දැනට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ඇතැමුන් අතර උණුසුම් සහ කලබලකාරී ප්‍රතිචාර ද පවතින බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළහ.

”අදටත් සම්පුර්ණ සත්‍ය හෙළිවෙලා නෑ. චැනල් ෆෝ වැඩසටහනට අදාළ කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කෙරෙනවා. ප්‍රමාදයක් තිබ්බත් ඒ පරීක්ෂණ පිළිවෙලකට සිදු වෙනවා. පරීක්ෂණ කෙරෙන කොට සමහර අය කලබල වෙලා. සමහරු පොත් ලියනවා, මතවාද ඉදිරිපත් කරනවා සහරාම් හෂීම් මේ ඉටුපස ඉන්නවා කියලා. නමුත් මේ සිදුවීම් පිටුපස තවත් පුද්ගලයින් සිටිනවා.

QR කේතය නැතුව පෙට්‍රල් ගන්න තිබුණු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

QR කේතය නැතුව පෙට්‍රල් ගන්න තිබුණු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

සහරාන් මෙහෙයවන පුද්ගලයන් සිටියා කියලා පැහැදිලි වෙලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශයේ දේශපාලකයන්ට කඩේ ගිය කණ්ඩායමක් හිටියා කියලා පැහැදිලි වෙලා තියෙනවා. මේ සිදුවීමට සියලු බුද්ධි අංශ හෝ සියලු හමුදා නිලධාරීන් හෝ සියළුම පොලිස් නිලධාරීන් නෙවෙයි දේශපාලකයින් වෙනුවෙන් තම නිලය භාවිතා කරපු පිරිස් හිටියා. තාජුඩින්, එක්නැලිගොඩ සිද්ධිය බැලුවම සමහර නිලධාරීන් ඉදලා තියෙනවා. දැන් සමස්ත හමුදා පොලිස් නිලධාරීන් මර්දනය කරන්න හදනවා කියලා මතයක් හදන්න යනවා.

මේ සිදුවීම්වලට යම්කිසි පිරිසක් සම්බන්ධ නම් ඒ අය හදුනා ගන්න කටයුතු කරනවා නම් හමුදාවට පොලීසියට බුද්ධි අංශවල ගෞරවය රැක ගන්න පුළුවන්. දේශපාලන වාසි සඳහා කටයුතු කරපු අය හදුනා ගන්නවා කියන්නේ ජනතාවට යුක්තියේ විශ්වාසය ඇති කිරීමක්. බයක් නැතුව ජීවත් වෙන්න නම් නිලධාරීන් ද දේශපාලන පුද්ගලයින්ද කියලා නැතුව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විමර්ශන නිලධාරීන් කිසි දෙයකට යටත් නොවී කටයුතු කළ යුතුයි. අපරාධකරුවන් ආරක්ෂා කරන්න කාටත් බෑ. යුක්තිගරුක පුරවැසියන් හැටියට විමර්ශන කරලා අත්අඩංගුවට ගන්නවා කියන්නේ අපරාද කරුවෙක් නෙවෙයි ඒක තීරණය කරන්නේ අධිකරණය.  

ලක්ෂ 90 ඉල්ලූ මනමාලිය - පළමු රාත්‍රිය උණුසුම් වෙයි

ලක්ෂ 90 ඉල්ලූ මනමාලිය - පළමු රාත්‍රිය උණුසුම් වෙයි

විමර්ශන සිදු කෙරෙනකොට සාක්ෂිකරුවන් බිය වැද්දීම සිදු කෙරෙන බවට අනාවරණය වෙලා තියෙනවා. තවමත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ බලපෑම් සිදුවෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා විමර්ශනවලට බාධා කරන පිරිස් ඉන්නවා. ඔවුන් අත්අඩංගුවට ගත්තොත් සුළමුල සොයාගෙන යන්න පුළුවන්. මේ පුද්ගලයන් මෙහෙයවන්නේ කවුද කියලා සොයා බැලුවොත් අපරාධකරුවන් නීතිය හමුවට ගේන්න පුළුවන්.”