සමාජ මාධ්‍යයන් දෙකකට නඩු.
මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍යයන් වන ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට මේවන විට චෝදනා එල්ල වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක් පමණ මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් නඩු මගට පිවිසී ඇති බවයි.
ජනතාව චෝදනා කරනුයේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම "දරුවන්ගේ වේදනාවෙන්" ලාභ ලැබීම, අරමුණු කරගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ එහි අවකාශයන් ආරක්ෂාව සම්බන්ධයෙන් පරිශීලකයින් නොමඟ යවන බවයි.
ජනතාව වැඩිදුරටත් පවසන්නේ මෙටා සමාගම විසින් තරුණ පරිශීලකයින්ගේ සෞඛ්‍යයට හානියක් වුවද, සමාජ මාධ්‍ය භාවිතා කරන කාලය උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපාරික ආකෘතිය මගින් තරුණයින් මානසිකව සූරාකෑමට ලක්ව ඇති බවයි.
