හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවක් කල් යයි

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ සේවිකාවක් වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුව, කොළඹ මහාධිකරණය විසින් ජනවාරි 29 වනදා යළි කැඳවීමට නියම කළේය.

අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයට ඉල්ලා සිටියේ, නඩුවට අදාළ බැංකු ලේඛන වාර්තා තවම විත්තිය වෙත ලබාදී නොමැති බවයි.

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

ඒ අනුව, අදාළ වාර්තා විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නේය. අදාළ නඩුව යළි එළැඹෙන 29 වනදා කැඳවන ලෙස නියම කර ඇත.

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන සමාගම ඉවත් වෙයි

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන සමාගම ඉවත් වෙයි