රංජිත් කාදිනල් හිමිගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Report

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටින්නේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගැනීම සඳහා මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් පිහිටුවන ලෙසයි.

අද (05) අගරදගුරු මැදුරේපැවති සාකච්ඡාවකට එක්වෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජලය බැසයාමේ ක්‍රමවේදය මුතුරාජවෙල තෙත්බිම් හරහා නිර්මාණය වී ඇති බැවින් එහි තවදුරටත් අනවසර ඉදිකිරීම් සිදුවීම තුළ ඉදිරියේදී යළිත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මහා ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව උන්වහන්සේ පැවසුවේය.

වාහන බලපත්‍ර ගැන අලුත් තීරණයක් - නව ගැසට් පත්‍රයක් මෙන්න

වාහන බලපත්‍ර ගැන අලුත් තීරණයක් - නව ගැසට් පත්‍රයක් මෙන්න

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ දිනෙන් දින සිදුවෙමින් පවතින අනවසර ඉදිකිරීම් සහ එම කලාපය රැකගැනීම පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ අගරදගුරු මැදුරේදී පැවැත්විය. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද එක්ව සිටියේය.

තමන් වැඩකරන පාසලටම දරුවාව දාගන්න පුලුවන්ද? දරුවන් සමග දෙමව්පියන් මහ පාරට

තමන් වැඩකරන පාසලටම දරුවාව දාගන්න පුලුවන්ද? දරුවන් සමග දෙමව්පියන් මහ පාරට

එක්සත් ජාතික පක්ෂෙට තරුණ නායකයෙක් මෙන්න

එක්සත් ජාතික පක්ෂෙට තරුණ නායකයෙක් මෙන්න