ජනතාවගෙන් කාදිනල් හිමි කළ ඉල්ලීම

Report

මෙරට  පැවති අයහපත් කාලගුණය හමුවේ ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් උපකාර කිරීම සදහා මෙවර නත්තල යොදා ගන්නා ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඉල්ලා සිටියි.

ඒ වගේම නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමා ඉල්ලා සිටින්නේ මිලියන එකහමාරකට අධික පිරිසක් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ නිසා මෙවර නත්තල ප්‍රීතිමත් අත්දැකීමක් කර නොගෙන නත්තලේ ප්‍රීතිය, සතුට අධ්‍යාත්මිකව භුක්තිවිඳින ලෙසයි.

තවද මෙම මෙරටට බලපෑ ඛේදජනක තත්ත්වය හමුවේ බාහිර ආටෝපයන්ගෙන් යුතුව නත්තල සැමරීම නොකළ යුතු බවත් නත්තල දිළිඳුන් සහ දුක්විඳින අයගේ සිත් පාරන විනෝදාස්වාදයක් කර නොගත යුතු බවත් කාදිනල්තුමා සදහන් කර තිබේ.

ඒ වගේම මෙම කාදිනල්තුමා ප්‍රකාශ කළේ නත්තල සතුටින් පිරි අත්දැකීමක් කර ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර එය ව්‍යසනයෙන් දුකට පත් වූවන්ට වෙනුවෙන් ඔවුන්ට පිළිසරණක් වීම සදහා යොදා ගන්නා ලෙසයි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ගැඹුරු අධ්‍යාත්මික ප්‍රීතියෙන් යුත් නත්තල් මංගල්‍යයක් සැමරීම සදහා අධිෂඨාන කළ යුතු වගත් වැඩි දුරටත් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නිවේදනයේ සදහන් වේ.

මහගිරිදඹේත් නාය ‍යයි - ශ්‍රී පාදස්ථානයේ යන අයට අසුබ නිවේදනයක්

මහගිරිදඹේත් නාය ‍යයි - ශ්‍රී පාදස්ථානයේ යන අයට අසුබ නිවේදනයක්

ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකික ජන‍යාට IMF සහය දෙයි

ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකික ජන‍යාට IMF සහය දෙයි