නියෝජ්‍ය ආරක්ෂක ඇමති වහාම ඉල්ලා අස් වෙන්න - මැල්කම් රංජිත් කාදිනල්
රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා වහාම තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව කතෝලික අගරදගුරු වූ මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් පියතුමන් ප්‍රකාශ කළේ, ජයසේකර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නිර්දෝෂී බව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.
පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේදී ඔහු නැගෙනහිර ආඥාපතිවරයා ලෙස රාජකාරී කල බවත්, එම තනතුරට පත්කිරීම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් බලයට පැමිණීමේ උත්සාහයකින් සිදු වූ එකක් බවත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී හෙළිවුණි.
මෙම කරුණු පිළිබඳ අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු ඇතිවූ දත්ත විනාශ කටයුතු පිටුපස යුධ හමුදා නිලධාරීන් සිටි බවට පැහැදිලි වී ඇති තත්ත්වයක් මත, එවකට නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ ජයසේකර මහතාටද වගකීමක් තිබේ යැයිය.