දක්ෂිණ අධිවේගය දෙදරයි - වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන්.
එසේම මෙම අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව සඳහන්.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ පෙරළී ගිය මෝටර් රථය ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.