අධික මීදුම් හේතුවෙන් කොටගලදී අනතුරක්
කොටගල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
අද ( 28) උදෑසන 7:00ට පමණ කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන ප්රධාන මාර්ගයට පිවිසුණු ත්රී රෝද රථය දඹුල්ල සිට නුවරඑළිය දක්වා එළවලු ප්රවාහනය කරමින් ආව ලොරි රථයකට ගැටී තිබේ.
දිඹුලපතන පොලීසිය පවසන පරිදි, ප්රදේශයේ පැවති අධික මීදුම් තත්ත්වය නිසා මාර්ගය පැහැදිලි නොවීම සහ ත්රී රෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී බව මෙම අනතුරට ප්රධාන හේතු වී ඇත.
අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු නොවුණද, ත්රී රෝද රථයට දැඩි හානි සිදු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව දිඹුලපතන පොලීසිය ප්රකාශ කළේය.