කැනේඩියානු අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක්

By Hashini Jun 07, 2025 06:35 AM GMT
Report

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇත්තේ පළුදු වූ සබදතා යළි ගොඩනගා ගැනීමේ අරමුණින් ජී 07 සමුලුවට එක් වන ලෙසටයි.

මෙම සමුලුව කැනඩාවේදී මේ මස 15 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විදෙස් වාර්තා සදහන් කළේ ඊයේ දුරකතන ඇමතුමක් ලබා දෙමින් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනාව සිදු කර ඇති බවයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

එම ආරාධනාව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති අතර ඒ පිළිබදව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මාර්ක් කර්නි ස්තූතිය ද පළ කර තිබුණා.

හිටපු කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ පාලන සමයේදී ඉන්දියාව සමග මතභේදාත්මක තත්වය මතුවුණේ සික් ජාතිකයෙකුගේ මරණයත් සමගයි.

කැනේඩියාවේ ජීවත් වූ මෙම සික් ජාතිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාවට චෝදනා කළා.  

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..