මෙච්චරයි අඩු වුණේ ඒකත් හරි - ඊලාම් කොඩිය උස්සන්න දිනයක් හා නගරයක් වෙන් කරයි
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය නොවැම්බර් 21 වැනිදා දෙමළ ඊළාම් ජාතික ධජ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙය කැනඩාවේ සහ උතුරු ඇමරිකාවේ එවැනි පිළිගැනීමක් සිදු කරන පළමු මහ නගර සභාව වන අතර, නගරාධිපති පැට්රික් බ්‍රවුන් මෙම දිනය විස්තර කළේ,
“ඊළාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාව සහ ජන සංහාරයට එරෙහි අඛණ්ඩ ප්‍රතිරෝධය සංකේතවත් කරන”
දිනයක් ලෙසය.කෙන් විලන්ස් චතුරශ්‍රයේ එසවූ ධජ උත්සවයේදී නගරාධිපතිවරයා එම කොඩිය ඔසවා ඇති අතර, ගෝලීය දෙමළ අයිතිවාසිකම් පිළිබඳ හඬ සංවිධානයේ කුමුතිනි කරුණාකරරාජා මෙම පිළිගැනීම ඊළාම් දෙමළ කැනේඩියානුවන්ගේ ඉතිහාසය සහ ජීවමාන අත්දැකීම් තහවුරු කිරීම සඳහා වූ බලාපොරොත්තුවේ සංකේතයක් බව ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යාංශය කිසිවක් ප්‍රකාශ කර නැත.